Home News Breaking අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකුට වෙඩි

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකුට වෙඩි

SHARE

ගොතටුව අයි ඩී එච් හන්දියේ දී ඊයේ (20) ජීප් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

එහි ගමන් කර තිබෙන්නේ ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන අලවලගේ දොන් සරත් කුමාර හෙවත් චීටා නැමැත්තා බවයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

චීටා නැමැත්තා සමග ජීප් රථයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර තිබෙනවා.

ගොතටුව අයි ඩී එච් මංසන්ධියේ දී ජීප් රථයට දකුණු පසින් ඉස්සර කළ ඉදිරිපස අංක තහඩු නොමැති යතුරු පැදියක සිටි අයෙක් මෙම වෙඩි තැබීම කර ඇතැයි වාර්තා වනවා.

වෙඩි තැබීමේ දී ඔවුන් හිස පහත් කරගෙන බේරී ඇති බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site