Home News Breaking අගමැතිගේ ප්‍රධානත්වයෙන් ‍එ.ජා.ප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ‍එ.ජා.ප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

231 views

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරී මණ්ඩලය සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා.

අද පැවැත්වෙන කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරී මණ්ඩලය නම් කිරීම ඊයේ(25) එම පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් සිදුකරනු ලැබුවා.

ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී දේශපාලන උපදේශන මණ්ඩලය රැස් වූ අතර එහිදී පක්ෂයේ නව නිළධාරී මණ්ඩලය සඳහා නම් යෝජනා වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ විසින් නිළධාරී මණ්ඩලය නම් කිරීම සිදුකළ බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් තෝරාගෙන ඇති අතර මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තෝරාගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට අමාත්‍ය නවීන් දිසානායක නම් කර ඇති අතර භාණ්ඩාගාරික තනතුර සඳහා රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා නම් කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද, උප නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ද යළිත් තෝරාගෙන තිබෙනවා.

මෙම සියලු තෝරාපත් කරගැනීම් අද දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site