Home News Breaking අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් ?

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් ?

234 views

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුනා.

යෝජනාවට විපක්ෂව අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් ඡන්ද 122 ලැබුණු අතර, යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 76 ක් පමණයි.

ඡන්ද විමසීමට සහභාගි නොවූ මන්ත්‍රි සංඛ්‍යාව 26 ක්.

ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්

1. මහින්ද අමරවීර

2. සරත් අමුණුගම

3. නිමල් සිරිපාල ද සිල්වා

4. දුමින්ද දිසානායක

5. ෆයිසර් මුස්තාෆා

6. මහින්ද සමරසිංහ

7. රංජිත් සියඹලාපිටිය

8. විජයමුණි සොයිසා

9. පියසේන ගමගේ

10. මොහාන් ලාල් ග්‍රේරු

11. ශ්‍රියානි විජේවික්‍රම

12. ලක්ෂ්මන් සෙනෙවිරත්න

13. ඒ.එල්.එම්. හිස්බුල්ලා

14. ඒ.එච්.එම්. ෆවුසි

15. ලසන්ත අලගියවන්න

16. සාරථී දුෂ්මන්ත

17. මනූෂ නානායක්කාර

18. ඉන්දික බණ්ඩාරනායක

19. විරකුමාර දිසානායක

20. නිශාන්ත මුතුහෙට්ටිගම

21. කාදර් මස්තාන්

22. පුජ්‍ය අතුරලියේ රතන හිමි

23. මලිත් ජයතිලක

24. ආරුමුගම් තොණ්ඩමන්

25. අංගජන් රාමනාදන්

26. මුත්තු සිවලිංගම්

ඊයේ (04) පෙරවරුවේ ආරම්භ වූ විවාදයේ ඡන්ද විමසීම ආරම්භ වූයේ රාත්‍රි 9.30 ටයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහය පළ කර ඇතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇත්තේ මත දෙකක්.

විශ්වාසභංග යෝජනාව ඊයේ (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මලලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැයක පමණ සාකච්ඡාවක නිරත වූ අතර, අනතුරුව ඔවුන් යළිත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේදී සාකච්ඡාවකට එක්වුණා.

කෙසේ වෙතත් ඊට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට එක්වූ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියේ නැහැ.

රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට ජනාධිපතිවරයා සමග උදෑසන සිදුකළ සාකච්ඡාවේදී තීරණය කළ බවයි.

කෙසේ වෙතත් සන්ධාන මහලේකම්වරයාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා.

ඔහු සඳහන් කළේ නිදහස් පක්ෂ රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ලබාදීමට බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමද ඊයේ (04) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී විශ්වාසභංගයට මුහුණදෙන ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මනෝ ගනේෂන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාදෙනු ලැබුවේ මාර්තු 21 වැනිදායි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site