Home News Politics “අගමැතිවරයාගේ හා ජනපතිවරයාගේ ප්‍රතිපත්ති එළ හරකයි මීහරකයි එකට බැඳලා හානවා වගේ වැඩක්”

“අගමැතිවරයාගේ හා ජනපතිවරයාගේ ප්‍රතිපත්ති එළ හරකයි මීහරකයි එකට බැඳලා හානවා වගේ වැඩක්”

SHARE

හෙට පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනතට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (03) ත්‍රිකුණාමලයේ දී සඳහන් කරනු ලැබුවා.

“වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු” මැයෙන් ඒකාබද්ධ විපක්ෂය ඊයේ ත්‍රිකුණාමල නගරයේ සංවිධානය කළ ජනරැලියක් අමතමින් රාජපක්ෂ මෙසේ කියා සිටියේ.

“විදේශයන්ට අවශ්‍ය ආකාරයට නඩු අහලා ත්‍රස්තවාදය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන් ඒ රටවලට පාවා දෙන්න ආණ්ඩුව පනතක් ගේනවා. ඒකාබද්ධ විපක්ෂය ඒ පනතට විරුද්ධයි. අද රටට නායකයෝ ගොඩයි. ආණ්ඩුවේ ඉන්න ඔක්කොම අය නායකයන් වෙන්න යන නිසා රටේ හැමතැනම ප්‍රශ්න. කැබිනට් ප්‍රකාශකවරු තුන්දෙනයි. ඒ තුන්දෙනා මත තුනක් කියනවා. ඒ නිසා ඇත්තටම රජයේ මතය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ප්‍රතිපත්ති ගොඩයි. අගමැතිවරයාගේ හා ජනපතිවරයාගේ ප්‍රතිපත්ති එකකට එකක් ගැලපෙන්නේ නැහැ. දෙන්නා දෙපැත්තට අදිනවා. ඒක එළ හරකයි මීහරකයි එකට බැඳලා හානවා වගේ වැඩක්” යැයි ද හිටපු ජනපති රැලිය අමතමින් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site