Home News Breaking අගුණුකොළපැලැස්සේ ඉදිකළ බන්ධනාගාරයට වෙන්න යනදේ මෙන්න

අගුණුකොළපැලැස්සේ ඉදිකළ බන්ධනාගාරයට වෙන්න යනදේ මෙන්න

SHARE

අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලව තංගල්ල, අගුණුකොළපැලැස්ස ප‍්‍රදේශයේ ඉදිකරන ලද බන්ධනාගාරය විවෘත නොකරන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය (03) දා එම බන්ධානාගාරය ඉදිකර ඇති ස්ථානය වෙනත් කටයුත්තකට යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය මෙම නව බන්ධනාගාරය සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබුණද එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉතා වටිනා බව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කියා සිටියා.

බන්ධනාගාරය සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි වෙනත් කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමට නොහැකි බව පැවසූ එම නිලධාරියා එසේ ගොඩනැගිලි ඉවත්කර නැවත ඉදිකිරීම මහජන මුදල් නාස්තියක් බවයි පෙන්වා දුන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site