Home News Breaking අත්පත්‍රිකා 3000ක් එක්ක 3ක් අල්ලයි

අත්පත්‍රිකා 3000ක් එක්ක 3ක් අල්ලයි

2,080 views

ප්‍රචණ්ඩක්‍රියා කිහිපයක් වාර්තා වුවද සමස්තයක් ලෙස මේ දක්වා ඡන්ද විමසීම ඉතා සාමකාමී බව පැෆ්රල් සංවිධානය පවසනවා.

පැෆ්රල් සංවිධානය සඳහන් කළේ මේ දක්වා පැමිණිලි 25ක් තම සංවිධානයට ලැබී ඇති බවයි.

මේ අතර අත්පත්‍රිකා බෙදාහරිමින් සිටි අපේක්ෂකයින් තිදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල සහ හාලිඇළ ප්‍රදේශවලදී මෙම අපේක්ෂකයින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

තණමල්විල – පරාක්‍රමපුර ප්‍රදේශයේදී අපේක්ෂකයෙකු මෝටර් රථයකින් පැමිණ අත්පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අත්පත්‍රිකා 143ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර බදුල්ල හාලිඇළ ප්‍රදේශයේදී දේශපාලන සලකුණ සහිත අත්පත්‍රිකා බෙදමින් සිටි අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී අත්පත්‍රිකා 3000ක් පමණ සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හාළිඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site