Home News Breaking අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය

අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය

1,780 views

අපවත් වී වදාල බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද (08) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

1942 වර්ෂයේ උපත ලැබූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් 1956 වර්ෂයේදී පැවිදි දිවියට පත් වුණා.

පෑලියගොඩ විද්‍යාලංකාර හා දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන් වලින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාත්‍රවේදී උපාධියක්ද, විදයෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාත්‍රවේදී උපාධියක් ද ලබා ගත්තා.

එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධියත් හිමිකරගත් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැපිලියාන සුනේත්ත්‍රාදේවි විද්‍යායතන පිරිවෙනෙන් ගුරු වෘත්තියට පිවිස රත්මලාන පරම ධම්මචේතිය පිරිවේනේ පරිවේනාධිපති ධුරයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය ධුරයත් උසුලනු ලැබුවා.

මෙරටෙහි සිදුකෙරෙන සියලුම ජාතික හා අන්තර්ජාතික මට්ටමේ වැඩසටහන් වලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ ශාසනික වශයෙන් විශාල යුග මෙහෙවරක් සිදුකර තිබෙනවා.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් උන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයෙන්ද පිදුම් ලැබුවා.

මේ අතර මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් බෙල්ලන්විල, රත්නපිටිය සහ විජේරාම අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

ශ්‍රී දේහය රැගත් පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට බොරලැස්ගමුව හන්දියෙන් රත්තනපිටිය හන්දියට පැමිණ රත්තනපිටිය හන්දියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණිමට නියමිතව තිබෙනවා.

ආදාහන පෙරහැර හේතුවෙන් පස්වරු 1.00 සිට අදාළ මාර්ග වල රථ වාහන ධාවනය සීමා කරන බැවින් එම මාර්ග භාවිතා කරන මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.

 

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site