Home News Breaking අදත් වැසි – කළු, කැළණි,ගිං තවමත් සුළු ගං වතුර මට්ටමේ

අදත් වැසි – කළු, කැළණි,ගිං තවමත් සුළු ගං වතුර මට්ටමේ

870 views

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක කියා සිටියේ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 60, 70 දක්වා වැඩි විය හැකි අතර මුහුද රළු වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 119,840 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, මරණ 11 ක් වාර්තා වනවා.

පීඩාවට පත්වූ ජනතා අවතැන් කදවුරු 229ක රදවා ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඉවත් කෙරුණා.

ඒ අනුව රත්නපුර, කිරිඇල්ල, ඇලපාත, කුරුවිට, කළුතර, මදුරාවල, දොඩම්ගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, යන ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථානවලට යොමුකර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කළේ ආරක්ෂිත ස්ථානවලට යොමු කළ ජනතාව තවදුරටත් එම ස්ථානවලම රැඳී සිටිය යුතු බවයි.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ කළු, කැළණි සහ ගිං ගංඟාවල ඇතැම් ස්ථාන තවමත් සුළු ගං වතුර මට්ටමක පවතින බවයි.

වර්ෂාවත් සමඟ තවමත් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලටයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා වැව් සියල්ලම මේ වනවිට වාන් දමමින් පවතින නිසා මහවැව, මාදම්පේ, නාත්තණ්ඩිය සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.

මේ වනවිටත් ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලද ඇතැම් පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟ බියගම මල්වාන ප්‍රදේශයේ මාර්ග මෙන්ම පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී පවතින බවටයි වාර්තාවන්නේ.

මේ අතර අද (24) අලුයම දිවයිනේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් වාර්තාවූයේ මේ අයුරින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site