Home News Breaking අද සිට තෙල් මිල ඉහළට

අද සිට තෙල් මිල ඉහළට

300 views

අද(11) සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඊයේ(10) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමෙන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින්ද ඉහළ දැමෙන බව හෙතෙම සඳහන් කළා.

ඊට අමතරව ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද අද සිට ඉහළ නංවන බව සඳහන්.

මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වා ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 155 දක්වා ද ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරන ඩීසල් ලීටරයක් රුලියල් 118 දක්වාද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129 දක්වා ද ඉහළ දමා ඇති බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site