Home C Daily Horoscope අද 2018 ජුලි 13 දා – අද දවස ඔබට කොහොමද ?

අද 2018 ජුලි 13 දා – අද දවස ඔබට කොහොමද ?

10,161 views

මේෂ ලග්නය

තරගකාරී කටයුතු සහ කායික ශක්තීන් මුල් කරගෙන කරනුලබන කටයුතු වලින් ජයග්‍රහණ ලබාගත හැක. විවාහ කටයුතු ප්‍රමාද වුන අයට ඒවා සාර්ථක කර ගන්නට සුබ දවසක්. ස්නායු ආශ්‍රිත රෝග පීඩා බහුල කරන දවසක්.

වෘෂභ ලග්නය

අත්හදාබැලීම් අනුමානෙට අඩමානෙට කරන කටයුතු නම් එතරම් හිතකර නැහැ. ඒ වගේම තමන් සන්තකයේ තිබෙන දේවල් අහිමි වීමටත් ඉඩ තිබෙනවා.

මිථුන ලග්නය

උසස් අයගේ ඇසුර වගේම ආධාර උපකාර ලැබෙන දවසක්. වෘත්තීය කටයුතු වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කර ගන්නට හැකි වේවි. සෙම් රෝග පීඩා බහුල කරන්න පුළුවන්. ඔබ අද දවසේ කරන කටයුතු ඉතා කල්පනාකාරීව කරන්න අද දවස ඔබට සුබ වේවි.

කටක ලග්නය

අද ඔබය සෞඛ්‍ය තත්වයන්ගෙන් තමයි බාධක ඇති වෙන්නේ. යොදා ගත් කටයුතු වල යම් යම් වෙනස්කම් කරන්නට සිදුවේවි. ලේ විෂවීම් විෂබීජ ශරීර ගත වීම් වැනි දේ ඇති වෙන්න පුළුවන්.

සිංහ ලග්නය

අද දැනුම හැකියාව දක්ෂතාවය මතින් ඔබට ජයග්‍රහණ රැසක් අත්‍ කරගන්නට හැකියාව ලැබේවි. ඔබ කලා හෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් නම් වෙනදාට වඩා අන් අයගේ අගය කිරීම් වලට ලක් වෙන දවසක් වේවි. සෙම් රෝග බහුල කරන දවසක්.

කන්‍යා ලග්නය

ඔබට අද දවසේ රැකියා සම්බ්බන්ධව තිබුන ගැටලුකාරී තත්වයන් මගහරවා ගන්නට පුළුවන්. ස්වාධීනව කටයුතු කරන අයට සහ ස්වයන් රැකියා කරන්න බලාපොරොත්තු වෙන අය‍ට සුබයි. ඒ වගේම ආර්ථික වාසි වැඩි වැඩියෙන් ලැබෙන දවසක්. චර්ම රෝග ආදියෙන් පීඩා විඳින්න ඉඩ තිබෙනවා.

තුලා ලග්නය

උදෑසන සිටම කුසීත ගති ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. කරන්නට තිබෙන කටයුතු කල් දැමීම නිසා එම කටයුතු පටලවා ගන්නා බවක් තමයි පෙන්නුම් කරන්නේ. ප්‍රේම සම්බන්ධතා වලට තිබුන බාධක මගහැරී වැඩිහිටියන්ගේ අශිර්වාද ලබන්නටත් හැකි වේවි.

වෘශ්චික ලග්නය

ඔබ සැම විටම නිවැරදී කියා සිත කටයුතු කිරීම නිසා හිතවතුන් ඈත් වෙන්නටත් ඉඩ තිබෙනවා. ආහාර දිරවීමේ අපහසුතා සහ නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා රෝගාබාධ සැදෙන්න පුළුවන්. අනතුරු විපත් ඇති වෙන්න පුළුවන්.

ධනු ලග්නය

අද දවසේ පමණට වඩා විශ්වාසය සහ අනුකම්පාව නිසා අහිතකරතා ඇති වෙන්න පුළුවන්. තමන්ගේ ආත්ම විශ්වාසය පෙරදැරි කරගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ණය ගනුදෙනු සම්බන්ධ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වෙන්න. ගමනේදී බිමනේදී වගේම වාහන පදවීමේදීත් ඔබ ඉතා ප්‍රවේසම් වෙන්න.

මකර ලග්නය

අද දවසේ බොහෝ විට ඔබගේ කටයුතු වලට පීඩා කරදර ඇති වෙන්න පුළුවන්. උසස් අයගේ උදව් උපකාර වගේම එවන් අයගේ ඇසුර නිසා ඔබගේ අනාගත කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි. ආහාර විෂවීම් වගේම ලේ ආශ්‍රිත රෝගී තත්වය ඇති වෙන්න පුළුවන්.

කුම්භ ලග්නය

අද ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ බහුල කරන දවසක්. මේ නිසා ඉතා ඉවසීමෙන් කටයුතු කරන තරමට තමයි ඔබට දවසේ කටයුතු සාර්ථක කර ගන්නට ලැබෙන්නේ. ඒ වගේම රැකි රක්ෂා ආශ්‍රිත ගැටළු වගේම සතුරු කරදර පීඩා උත්සන්න වීමේ හැකියාවක් ද පවතිනවා.

මීන ලග්නය

ගේ දොර ඉඩකඩම් යාන වාහන ආශ්‍රිතව තිබුන ගැටළු නිරාකරණය කර ගන්නට හැකි වේවි. අනාගත ආයෝජන සඳහා කරනු ලබන කටයුතු වලට සුබයි. පවුලේ සමගියට සහජීවනයට සුබයි. ඒ වගේම අන් සතු වටිනා දෙයක හිමිකාරීත්වයක් ලැබෙන්නට පුළුවන්.

උපුටා ගැනීමකි

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site