Home News Breaking අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

150 views

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති සංඛේත වැඩවර්ජනයට සමගාමීව පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

වෘත්තිය සමිති නියෝජිතයින් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට පා ගමනින් විරෝධතා පුවරු රැගෙන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

මේ හේතුවෙන් කොට්ටාව – බොරැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති අතර පොලීසිය විසින් එම කටයුතු යථා තත්ත්වයට පත් කරන අවස්ථාවේදී වෘත්තිය සමිති නියෝජිතයින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

අද දිනයේ ක්‍රියාත්මක සංඛේත වැඩවර්ජනය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

කෙසේ වෙතත් වර්ජනයට සහභාගී නොවී සේවයට වාර්තාකරන්නැයි විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම කාර්යමණ්ඩල වලින් පසුගිය දා ඉල්ලීමක් ද කළා.

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් යැයි පවසමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරින්,විදුහල්පති,ගුරුසේවයේ නිළධාරින් ඇතුළු ක්ෂේත්‍ර රැසක නිළධාරින් අද අසනීප නිවාඩු දමමින් මෙලෙස වැඩවර්ජනයක නිරත වුණා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතිශ්‍යයිම අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site