Home News Breaking අධික වේගයෙන් ආ වෑන් රථයක් තවත් වාහන 05ක ගැටෙයි

අධික වේගයෙන් ආ වෑන් රථයක් තවත් වාහන 05ක ගැටෙයි

774 views

මීරිගම විජයරජදහන ප්‍රදේශයේ දී අධික වේගයෙන් ගමන් කළ වෑන් රථයක් තවත් වාහන පහක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මීරිගම දෙසට ධාවනය කළ වෑන් රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ හා නවතා තිබූ වාහනවල මෙසේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. අධික වේගයෙන් ධාවනය කළ වෑන් රථයේ රියැදුරු සහ එහි ඉදිරිපස ගමන් කළ පුද්ගලයායි මෙසේ තුවාල ලබා ඇත්තේ.

තුවාලකරුවන් වෑන් රථයෙන් ඉවතට ගැනීම සඳහා ප්‍රදේශවාසීන්ට පැයකට අධික කාලයක් වෙහෙස වීමට සිදුවූ බව ද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site