Home News Breaking අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

324 views

අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගේ සහයෝගය ලැබුණහොත් පිටවීම් කවුළුවලදී තත්පර 10ක් තුළ වාහනය පිටතට ගැනීමට හැකියාව ලැබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරනවා.

මේ නිසා පිටවීමේ දොරටු අසලට පැමිණෙන විට ඇතුළු වීමේ දොරටුවෙන් ලබාදුන් ටිකට්පත හා මාරු සල්ලි සහිතව මුදල් සූදානම් කරගෙන පැමිණිය යුතු බවද එම අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක සඳහන් කළා.

අධිවේගී මාර්ග දෙපස වාහන නවතා තැබීම සපුරා තහනම් බවත්, නිදිමතක් හෝ වෙනත් ශාරීරික අවශ්‍යතාවක් ඇති වුවහොත් ළඟම පිහිටි පිටවීමේ දොරටුවෙන් පිටතට ගොස් අදාළ කටයුතු සිදු කර නැවත පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබුවා.

උත්සව සමයේදී අධික රථවාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කරන නිසා අතිරේක පිටවීම හා ඇතුළු වීමේ දොරටු විවෘත කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100ක් බවත්, මීට අමතරව පැයට කිලෝමීටර් 60ක හෝ ඊට වැඩි වේගයකින් ගමන් කළ හැකි හොඳ තත්ත්වයේ වාහන පමණක් අධිවේගී මාර්ගවලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දෙයි.

තවත් වාහනයකට ඉස්සර කිරීමේදී මීටර් 20ක පරතරයක් තබා ගෙන ඉස්සර කර මීටර් 15ක පරතරයක් තබා ගෙන යළිත් අදාළ මංතීරුවට ඇතුළත් වීමට පියවර ගන්නැයි ද දැනුම් දෙනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either