Home News Breaking අනවසරෙන් මැණික් ගැරු අට දෙනෙකුට වැඩ වරදියි

අනවසරෙන් මැණික් ගැරු අට දෙනෙකුට වැඩ වරදියි

501 views

බගවන්තලාව පොලිස් වසමට අයත් මහඑලිය රක්ෂිතයේ විශෘල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රක්ෂිතයේ වන වගාවට හා රක්ෂිතයට විශෘල පරිසර හානියක් සිදු කරමින් ජවාරම්කරුවන් පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ය ලද තොරතුරක් මත දින ගණනාවක් එම රක්ෂිතය තුල රැක සිට ඊයේ(27) පස්වරුවේ මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාසල්රි ජලාහයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය හා බෙලිහුල්ඔය ගලා බසින්නේද මෙම රක්ෂිතයේ ජලපෝෂක ප්‍රදේශයේ සිටයි.

එම ජල පෝෂක ප්‍රදේශයට හා එම රක්ෂිතයේ වන වගාවට හා එම රක්ෂිතය තුල වු වෙනිවැල් ගැට,ඇතුලු ශ්‍රි ලංකාවට ආවේනික වු ඖෂධිය පැළැටි ගණනාවක් විනාශ කරමින් මෙම මැණික් ගැරිම කාලයක් තිස්සේ මෙම සැකකරුවන් සිදු කර ඇති බව මෙම වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් පවසා සිටියා.

සැකකරුවන් සමඟ මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් බගවනතලාව සහ බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් බගවන්තලාව පොලිසිය වෙත භාරදී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site