Home C Gossip අනිල් – කෝලි ගැටුම දුරදිග ගොස් අනිල් ඉන්දීය කණ්ඩායම අතහැර යයි

අනිල් – කෝලි ගැටුම දුරදිග ගොස් අනිල් ඉන්දීය කණ්ඩායම අතහැර යයි

SHARE

පසුගියදා පැවති ශුරයන්ගේ කුසලාන අවසන් තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු වන ඉන්දීය හිටපු දඟ පන්දු ක්‍රීඩක අනිල් කුම්බ්ලේ සඳහන් කර තිබෙන්නේ මෙසේ ඉවත්වීමට ප්‍රධාන හේතුව ඔහු විසින් පනවන නීති වලට ඉන්දීය නායක විරාත් කෝලි දැඩි ලෙස විරුද්ධ වීම බවයි.

ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්ථානය හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වී පැය 48 ක් ගතවන්නටත් මත්තෙන් අනිල් කුම්බ්ලේ තම ඉල්ලා අස්වීම දැනුම් දී තිබෙනවා.

චැම්පියන්ස් කුසලාන ගමන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ආරම්භ කලේ විවිධ වූ ගැටළු අර්බුද රාශියක් මැද වුවත් අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගත හැකිවූ බවයි ඔහු සඳහන් කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනිල් කුම්ලේ පවසා ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙය හොදම අවස්ථාව බවයි.

කෝලි සහ තමා අතර තිබූ සබදතාව මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අනිල් කුම්ලේ මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායම එක්දින තරගාවලියක් සදහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට දින 4 ක් තිබියදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site