Home News Breaking අප්‍රේල් 29 හා 30 සියලූම සුරා සැල් වැසෙයි-මස් මාංශ අලෙවිය හා කැසිනෝ...

අප්‍රේල් 29 හා 30 සියලූම සුරා සැල් වැසෙයි-මස් මාංශ අලෙවිය හා කැසිනෝ ශාලාත් වැසෙයි

1,060 views

වෙසක් උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 29 හා 30 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලූම සුරා සැල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටිනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site