Home News Breaking අභිරහස් මිනිස් අස්ථි කොටස් තොගයක් මන්නාරමෙන් සොයාගනියි

අභිරහස් මිනිස් අස්ථි කොටස් තොගයක් මන්නාරමෙන් සොයාගනියි

868 views

මන්නාරම, පොදු සුසාන භූමිය පිටුපස ගොඩගසා තිබෙන වැලි ගොඩවල් තුළ මිනිස් අස්ථි කොටස් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සොයා මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නිරීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කළ බව මන්නාරම පොලීසිය පවසනවා.

මන්නාරම පොලීසිය පැවසූවේ මන්නාරම, එමිල්නගර් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මන්නාරම නගරයේ ලක් සතොස ගොඩනැගිල්ලක් කඩා දැමීමෙන් පසුව ඉතිරිව පැවති පස් තොගයකින් රැගෙන ගිය පස් ගොඩක තිබි පළමුව අස්ථි කොටස් හමුවු බවයි.

පස් රැගෙන ගිය පුද්ගලයා අදාළ පස් තොගය නිවසේ කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමට ගිය අවස්ථාවක පස් ගොඩ තුළ අස්ථි කොටස් තිබි හමුවි ඇති අතර, අනතුරුව ගෙහිමියා අදාළ කාරණය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට ඇති බවද පොලීසිය සඳහන් කළා.

පොලීසිය පැවසූවේ අදාළ දැනුම්දීම මත පස් ගොඩ තුළ කුඩා කොටස් වශයෙන් තිබි අස්ථි කොටස් කැබලි කිහිපයක් එහිදි සොයාගත් බවයි.

අදාළ ගොඩනැගිල්ල කඩා දැමු ස්ථානයෙන් රැගෙන ගිය වැලි තොගයක් මන්නාරම සුසාන භූමිය පිටපස ගොඩගසා තිබු අතර, අදාළ පස් ‍ගොඩවල් තුළ අස්ථි පවතින්නේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතු බවට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කිරීම මත පොලීසිය ඊයේ(28) පරීක්ෂණ සිදු කළා.

අදාළ පස් ගොඩ පරීක්ෂා කිරීමේදීද මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවු බවද පොලීසිය සඳහන් කලා.

සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ පරීක්ෂා කිරීමට නියමිත බවද පොලීසිය පැවසුවා.

මීට පෙර එමිල්නගර් ප්‍රදේශයෙන් සොයාගත් අස්ථි කොටස් වසර ගණනාවක් පැරණි මිනිස් අස්ථි කොටස් වන බවට පොලීසිය සැක පළ කරන අතර, අස්ථි කොටස් විද්‍යාත්මක පරීක්ෂණ වෙනුවෙන් යොමු කොට ඇති බවද පොලීසිය සඳහන් කලා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ කඩා දැමු ගොඩනැගිල්ලේ පස් මන්නාරම ප්‍රදේශයේ ස්ථාන හයක් වෙත රැගෙන ගොස් ඇති අතර, අදාළ පස් රැගෙන ගිය ස්ථාන හය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පරීක්ෂා කිරීම සිදුකරන බවයි.

පරීක්ෂණ කටයුතු වෙනුවෙන් මන්නාරම රෝහල්අධිකරණ වෛද්‍ය නිළධාරී,පුරාවිද්‍යා නිළධාරීන්, අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිළධාරීන් ඇතුළු පිරිසකගේ සහයෝගයෙන් පරීක්ෂා කිරීම් සිදුකරන බවද පොලිසිය සඳහන් කලා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site