Home News Breaking අමරවීර පරණ තැනම ඉල්ලයි

අමරවීර පරණ තැනම ඉල්ලයි

888 views

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය නැවත ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා මාසිකව රුපියල් කෝටි දෙකක මුදලක් කුලිය වශයෙන් ගෙවන බව වාර්තා වනවා.

මෙය අනවශ්‍ය මුදල් නාස්තියක් බැවින් ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

අදාළ ස්ථානය පාර්ලිමේන්තුව ආශ්‍රිත කටයුත්තකට මේ වන විට ලබා දී ඇති බැවින් එය යළි තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යනු ලබන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට වසර පහක කාලයක් වෙනුවෙන් මුදල් ගෙවා ඇති බව වාර්තා වෙයි.

මාසික කුලී මුදලට අමතරව ආරක්ෂිත තැන්පතු ලෙස රුපියල් මිලියන 63ක මුදලක් ද ගෙවා ඇති අතර වසර පහකට පෙර ගිවිසුමෙන් ඉවත් වන්නේ නම් එම මුදල ද නොලැබෙන ඇති.

අදාළ ගොඩනැගිල්ල කුලියට ලබාගැනීමේ දී අත්සන් කර ඇති ගිවිසුම ද රජයේ නීත්‍යානුකූල ක්‍රමවේදයෙන්ගෙන් තොරව සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මේ පිළිබඳ අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site