Home News Breaking අයියා බැලීමට ගිය නංගිගේ තොල නෑනා සපාකාලා

අයියා බැලීමට ගිය නංගිගේ තොල නෑනා සපාකාලා

SHARE

සහෝදරයාගේ බිරිය විසින් මුඛයේ යටි තොල සපා කා බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඊයේ (26දා) මහනුවර මහ රෝහල වෙත මාරුකර යැවූ බව කෑගල්ල රෝහල් පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පිංදෙණිය පොලිස් වසමේ මොරොන්තොට, ලාහුපන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි විවාහක කාන්තාවක්.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බැලීමට පෙරේදා (25දා) මේ කාන්තාව නවගමුවේ නිවෙසට ගොස් ඇති අතර පෙරේදා රාත්‍රි 7.30ට පමණ මෙම කාන්තාවගේ සහෝදරයාගේ බිරිය සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බව පොලිසිය කියා සිටියා.

පසුව සහෝදරයාගේ බිරිය කාන්තාවගේ මුඛයේ යටි තොල සපා කෑමෙන් පසු කැඩී ගිය කෑල්ල සමඟ සහෝදරයා විසින් මෙම කාන්තාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකාරිය ඊයේ (26දා) උදේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යැවූ බවයි පොලීසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව රඹුක්කන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site