Home News Breaking අර්ජුන් ඇලෝසියස්ට හා කසුන් පලිසේනට ලැබුණු තීන්දුව මෙන්න

අර්ජුන් ඇලෝසියස්ට හා කසුන් පලිසේනට ලැබුණු තීන්දුව මෙන්න

418 views

අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ සටහන් කරගැනීම සදහා කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ආවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කොටුව මහේස්ත්‍රත් අධිකරණයට B වාර්තාවක් ඉදිරිපත් කරමින් මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අය නම්කරනු ලැබුවා.

එහිදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන 15 වෙනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ජාත්‍යාන්තර පොලීසිය හරහා නොතීසි නිකුත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළා.

එමෙන්ම කොටුව මහේස්ත්‍රාත්වරිය ආගමන විගමන පාලකවරයා හට නියෝග කළේ අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පළිසේන යන අය විදේශ ගතවීම වලක්වමින් හා අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පැමිණියහොත් ඒ බව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙසයි.

තවද එම සමාගමේ වත්කම්, චංචල හා නිශ්චල දේපල කිසිදු ආකාරයකින් තුන්වන පාර්ශවයකට පැවරීම හා විකිණීම වළක්වාලමින්ද මහේස්ත්‍රාත්වරිය තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූවා.

ඒ අනුව ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සිදුවී වසර 03 කට පසුව ඊයේ (04) පෙරවරුවේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් දෙපල අත්අඩංගුවට පත්වුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site