Home News Breaking අලවංගුවකින් පහර දී සිය සැමියා අවසන් ගමන් යැවූ බිරිඳ

අලවංගුවකින් පහර දී සිය සැමියා අවසන් ගමන් යැවූ බිරිඳ

680 views

බිරිඳ විසින් අලවංගුවකින් පහර දී සිය සැමියා ඝාතනය කිරීමේ සිදුවීමක් ගොකරැල්ල, තිඹිරියාලන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (10) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර වයස අවුරුදු 50ක පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 42ක් වන සැකකාර කාන්තාව අද (12) දින කුරුණෑගල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බවයි ගොකරැල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පවුල් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට කරනු අනාවරණය වී ඇති අතර සැකකාර කාන්තාවට සහ ඝාතනයට ලක්වූ පුද්ගලයාට 18 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 08ක ගැහැණු දරුවකු ද සිටින බව පොලිසිය පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site