Home News Breaking ආණ්ඩුවෙන් ඉවත් වනවාද, නැද්ද යන්න තීරණය දෙසැම්බරයේදී

ආණ්ඩුවෙන් ඉවත් වනවාද, නැද්ද යන්න තීරණය දෙසැම්බරයේදී

SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රියේ පැවති විශේෂ රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වනවා.

සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවෙන් ඉවත් වනවාද, නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගැනීමට තවත් කල් තිබෙන බැවින් දැනට කලබල නොවිය යුතු බවයි.

මාස පහක කාලයක් ඇතුළතදී තීරණයක් ගැනීමට පක්ෂයේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අණ්ඩුවෙන් ඉවත් වන බවටත්, මැතිඇමතිවරුන්ට ප්‍රශ්ණ තිබෙන බවටත් විවිධ ආරංචි පැතිර යන බැවින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කර තිබෙන අතර, වත්මන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනේදැයි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා තිබෙන බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site