Home News Breaking ආණ්ඩුවෙන් ඉවත් වෙනවද? නැද්ද? – රෝහණ පිළිතුරු දෙයි

ආණ්ඩුවෙන් ඉවත් වෙනවද? නැද්ද? – රෝහණ පිළිතුරු දෙයි

866 views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ සිට පැවත එන්නක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

අද (04) නව තනතුරෙහි වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් නව මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට මුහුණපා ඇති ගැටලුකාරී තත්ත්වය ජය ගැනීම සඳහා කටයුතු කරන බවත් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පහළ සිට ඉහළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑදීම සඳහා කටයුතු කරන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පවතින මතය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නව මහ ලේකම්වරයාගෙන් විමසීමක් කළා.

එහිදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ පක්ෂය තුළ පොදු එකඟතාවක් ඇති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පොදු එකඟතාවක් ඇති කිරීම කාර්යය තමන්ට පැවරී ඇති බවයි.

2020 ජනාධිපතිවරණ අපේක්ෂයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ ඒ සඳහා පිළිතුරු දීමට දැන් කාලය නොවන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site