Home News Breaking ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙලා

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙලා

33 views

හලාවත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් කඩා වැදීම හේතුවෙන් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා,

පුත්තලම දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 ) ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත් වුනා.

මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වුයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයනට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම සඳහා ආරාධනයක් නොකර තිබීමයි.

මේ පිළිබඳව විමසීම සඳහාත් තවත් ගැටළු කීපයක් විසදා ගැනීම සඳහාත් තමන් මෙතනට පැමිණි බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභිකයින් මෙහිදී කියා සිටි අතර, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සමන්ත විජයසිංහ ප්‍රකාශ කළේ තමන් සභිකයනට දැනුම් නොදුන් බව පිළිගන්නා බවයි.

මේ සමඟ සභාව ඇමතු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සැලසුම් සහකාර අධ්‍යක්ෂක ඉන්දික වනිගසුන්දර ප්‍රකාශ කළේ බලය හිමි ආණ්ඩුවට පරිභාහිර කණ්ඩායම් ප්‍රාදේශීය සභා බහුතරයකට පත්වීම හේතුවෙන් ඒ කණ්ඩායම්වල සභිකයන් රැස්වීම මෙහෙයවන තීරුවේ අසුන් ගැනීම වලක්වා ගැනීම සඳහා සියලුම පළාත් පාලන ආයතන සභිකයනට ප්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීමවලට ආරාධනා නොකරන ලෙසට අමාත්‍යංශය විසින් දැනුම් දී ඇති බවයි.

මෙහිදී එකසත් ජාතික පක්ෂ සභිකයන් සභාවට ග්‍රයින්ඩරයක් ඉදිරිපත් කල අතර එය තම ගම් වැසියෙකුට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇත්තේ පොල් ලි පැලීම සඳහා බව පැවසූ අතර හැකිනම් මින් පොල් ලී පලා පෙන්වන ලෙසද ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සමන්ත විජයසිංගෙන් ඉල්ලීමක් කළා.

මේ ග්‍රයින්ඩරය ටයිල් වර්ග කැපීම හා පොලිෂ් කිරීම සඳහා ගන්නා එකක් වන අතර මෙහි මිළ රුපියල් අටදහසක් පමණක් වන අතර තම ගම්වැසියාට ලබා දීමට නියමිතව තිබුනේ රුපියල් විසිදහසක පොල් ලී පැලීමේ මැෂිමක් බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභික කැලුම් නිශාන්ත මෙහිදී පෙන්වා දුන්නා,

ඒ අනුව මේ ජාවාරමෙන් රුපියල් දොළොස්දහසක මුදලක් වංචා කර ඇති බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභික අජිත් පද්මසිරි පැවසුවා.

පුත්තලම දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මැදිහත්ව මේ ගැටළුව විසඳා දුන් අතර ලබන රැස්වීම වාරයේ සිට සභිකයින්ට රැස්විමට පැමිණෙන ලෙස දැනුම් දීමට පියවර ගන්න ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දුන්නා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site