Home News Breaking “ආවා” කල්ලිය නැවතත් හිස ඔසවන ලකුණු

“ආවා” කල්ලිය නැවතත් හිස ඔසවන ලකුණු

SHARE

යාපනය පොලිස්ථානයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස්පති පූජිත් ජයසුන්දර සඳහන් කළේ කෝපායි හිදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති බවයි.

සිදුකළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවත් මෙම කල්ලියට නායකත්වය සපයන්නේ හිටපු කොටි සාමාජිකයෙකු බවත් පොලිස්පතිවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් කියා සිටියා.

යාපනය කොක්කඩි කෝපායි මාර්ගයේ නන්දාවිල් කෝවිල අසලදී පැමිණිලි විභාගයට ගිය පොලිස් නිලධාරීන් දෙදෛනෙකුට යතුරු පැදි හතරකින් පැමිණි මැර කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් ඊයේ (30) වාර්තා වුණා.

එම සිද්ධියත් සමග යාපනයේ හදිසි සංචාරයක යෙදුනු පොලිස්පති පූජිත් ජයසුන්දර යාපනය මූලස්ථාන පොලිසියේ කැඳවූ මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා.

පහර දීමට හය දෙනකු සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයි ද පොලිස්පතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site