Home News Breaking ආසන වෙන් කිරීමේ ගාස්තු අඩු කරන්නැයි මගී සංගමයක් ඉල්ලයි

ආසන වෙන් කිරීමේ ගාස්තු අඩු කරන්නැයි මගී සංගමයක් ඉල්ලයි

126 views

ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා ශ්‍රී ලංගම බස් රථවල ආසන වෙන් කිරීමේ දී සේවා ගාස්තු සඳහා අය කරන මුදල යම් ප්‍රමාණයකින් පහත හෙලන ලෙස කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

ලබන සඳුදා ශ්‍රී ලංගම පිටකොටුව බස් පර්යන්තයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.

ගුණාත්මක බස් සේවයක් බිහි කිරීම සඳහා රජයේ දායකත්වය වැඩි වශයෙන් ලබාදීම සඳහා ආසන වෙන් කිරීමේ ගාස්තු පහත හෙලීම සිදුකළ යුතු බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ කැදවුම්කරු විමුක්ති දුශාන්ත සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය මතු කරන කාරණය පිළිබදව තමන් සොයා බලන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site