Home News Sports ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට සමු දෙයි

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට සමු දෙයි

SHARE

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කර ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

එක්දින,ටෙස්ට් සහ 20 යි 20 යන අංශ තුනෙහිම නායකත්වයෙන් මැතිව්ස් ඉවත්වන බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (11) පස්වරුවේ සාකච්ඡා කර ඇති අතර මැතිව්ස්ගේ තීරණයට තේරීම් කමිටුව එකඟ වී තිබෙන බවද සඳහන්.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇති.

දැනට වාර්තා වන පරිදි එම අවස්ථාව රංගන හේරත්ට පැවැරෙනු ඇති බව වාර්තා වනවා.

එමෙන්ම උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ නම් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී ඇති බවත් සඳහන්.

මැතිව්ස් අද (12) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site