Home News Breaking ඇමති ධුරය අහිමි වූ රවීට පක්ෂ උප නායක කමත් අහිමි වන ලකුණු

ඇමති ධුරය අහිමි වූ රවීට පක්ෂ උප නායක කමත් අහිමි වන ලකුණු

1,074 views

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට බැඳුම්කර සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනා අනුව එක්සත් ජාතික පක්ෂයේ ගෞරවයට හා පැවැත්මටත් යහපාලන රජයටත් බරපතළ හානියක් සිදුව ඇති බවට පැහැදිලිවම තහවුරු වී ඇති බැවින් ඔහු එජාප උප නායක ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කිරීමට එජාප මැති ඇමැතිවරු පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වනවා.

වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක් පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා හමුවී රවි කරුණානායක මන්ත්‍රිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්නා ලෙස ඉල්ලීමක් කළ පසු තවත් මැති ඇමැතිවරු පිරිසක් මෙම තීරණයට එළැඹ සිටින බව සිරිකොත මූලස්ථානයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසුවද රවි කරුණානායක මන්ත්‍රිවරයා තමන්ට අදාළ නොවන කටයුතුවලට මැදිහත්වීම නිසා පාක්ෂිකයන් අතර තමන් අසීරුතාවට පත්වන බවද ඔවුහු පෙන්වාදී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සිය විදේශ සංචාරය නිමකර ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ පිළිබඳව අවධානය යොමු කරවීමටත් මේ මස අග භාගයේදී රත්නපුරයේදී පැවැත්වීමට නියමිත 71 වැනි සංවත්සරයේදී වැඩිදුරටත් කරුණු දැක්වීමටත් ඔවුන් අපේක්ෂා කරන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site