Home News Breaking ඇමැති මාරුවෙන් නොසිතූ වෙනසක්

ඇමැති මාරුවෙන් නොසිතූ වෙනසක්

489 views

ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ මෙන්ම දක්ෂතාවටද මුල්තැන දීමට තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව දක්ෂතා දක්වන පසු පෙළ මන්ත්‍රීවරුන් අතරින් නව නියෝජ්‍ය අමාත්‍ය ධුර 04ක් පමණ ලබාදීමට තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම මන්ත්‍රීවරුන් අතර මෙවර පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පැමිණි මන්ත්‍රීවරුන් සිටීමද විශේෂත්වයක්.

දක්ෂතා දක්වන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටද කැබිනට් අමාත්‍ය තනතුරු පිරිනැමීමට යෝජනා වී තිබෙනවා.

මේ අතර ලන්ඩන් සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණි පසුව සිදුකෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදෙන ලෙස එම පක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

මීට පෙර, සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය හොබවනු ලැබුවේ එස්.බී. දිසානායක විසිනි.

දැනට එම ධුරයේ වැඩ බැලීම ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රමට පවරා තිබෙනවා.

දැනට පුරප්පාඩු වී පවතින කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යධුරයද එක්සත් ජාතික පක්‍ෂයට දී ඒ වෙනුවට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරයකු හොබවන වෙනත් කැබිනට් අමාත්‍යධුරයක් ශ්‍රීලනිපයට හිමිවනු ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්නගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කම්කරු හා කම්කරු සබඳතා ඇමැතිධුරයේ වැඩබැලීමට දැනට පත්කර ඇත්තේ ද ඇමැති මලික් සමරවික්‍රමයි.

අමාත්‍යාංශවල විෂයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, ඒ අනුව දැනට එක් අමාත්‍යාංශයක් ලෙස පවතින මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරය, අමාත්‍යාංශ දෙකකට වෙන් කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සංස්කෘතික විෂයට අදාළ ආයතන රැසක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කෙරෙනු ඇතැයිද වාර්තා වනවා.

ව්‍යවසාය සංවර්ධන, ඉඩම් සහ වෙළෙඳ හා වාණිජ යන අමාත්‍යාංශ තුනටම අයත් සීනි සමාගම් තුනද එක් අමාත්‍යාංශයක් යටතට පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අංගජන් රාමනාදන් සහ කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමැතිධුර හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බව දැනගන්නට තිබුනා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 22 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉන් අනතුරුව සිදු කෙරෙනු ඇත.

කැබිනට් සංශෝධනය අලුතින්ම ඇමැති මණ්ඩලයක් පත් කිරීමක් ලෙස සිදුකෙරෙනු ඇතැයි ද වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site