Home News Breaking ඇමෙරිකාව මානව හිමිකන් කවුන්සලයෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට සුබදායී

ඇමෙරිකාව මානව හිමිකන් කවුන්සලයෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට සුබදායී

171 views

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට සුබදායී බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

ජගත් සංවිධානය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දුර්වල සංවිධානයක් ලෙසට චෝදනා කරමින් අමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිතවරිය වන නිකී හේල්ස් ඊයේ (19) නිවේදනය කළා.

කලක සිට ඊශ්ශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් නිකී හේල්ස් ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට චෝදනා කර ඇති අතර එය පිළිකුල්සහගත දේශපාලන පක්ෂපාතීත්වයක් බවටයි ඇය පවසා තිබුණේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, සෙයිද් රාද් අල් හුසේන් අමෙරිකාවේ අදාළ තීරණය සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබූ අතර ඊශ්‍රායලය අදාළ තීරණයට ප්‍රශංසාව පල කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site