Home News Breaking ඇල්පිටියේදී කාන්තාවක් ඝාතනය කර ඝාතනය සිදු කළ පුද්ගලයා ද ගෙළ වැලලා ගනියි

ඇල්පිටියේදී කාන්තාවක් ඝාතනය කර ඝාතනය සිදු කළ පුද්ගලයා ද ගෙළ වැලලා ගනියි

216 views

අද(24) දහවල් 2.10ට පමණ ඇල්පිටියේ දී නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඝාතනය සිදු කළ පුද්ගලයා ද ගෙළ වැලලාගෙන මිය ගොස් තිබෙනවා.

ඇල්පිටිය, පිටුවල මාර්ගයේ විජය මාවතේ පිහිටි නිවසක් තුළ මෙය සිදුව තිබෙන්නේ.

පොලීසියේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 85ක් වු ඉහත ලිපිනයේ පදිංචි වරගන්හේන ලියනගේ ලීලාවතී යන වියපත් වු කාන්තාවක් බව පොලීසිය සඳහන් කරනවා.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ මිය ගිය තැනැත්තියගේ බෑනා කෙනෙකු විසින් අතින් පයින් පහර දීමකින් බවත් නිතර නිතර දෙදෙනා අතර ඇති වු ආරවුල් දුර දිග යාම හේතුවෙන් ඇති වු ඝාතනයක් බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඝාතනය සිදු කළ සැකකරුද පසුව එම නිවසේම කාමරයක් තුළ ගෙළ වැලලාගෙන මිය ගොස් තිබෙනවා.

එම පුද්ගලයා වයස අවුරුදු 45 ක් වු එම ලිපිනයේම පදිංචි දොන් ජගත් කීර්ති අබේසේකර යන පුද්ගලයෙක් බව පොලීසිය පැවසුවේ.

මහේස්ත්‍රාත් හා හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මෘත ශරීර සිද්ධීය වු ස්ථානයේම තබා තිබෙනවා.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site