Home News Breaking ඇල්ල, කුඹල්වෙල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුර

ඇල්ල, කුඹල්වෙල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුර

1,197 views

ඊයේ සවස ඇල්ල, කුඹල්වෙල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුවී ඇති අතර වයස අවුරුදු 31ක් හා අවුරුදු 3ක් වූ පිය පුතු දෙදෙනෙක් මෙම සිද්දියෙන් මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ මව බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණ අතර ඔවුන් එම ප්‍රදේශයේම වැලිඅරාව, හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.

මේ අතර, හඟුරන්කෙත, දම්පොළ ප්‍රදේශයේ සිදුවූ තවත් අනතුරකින් තවත් අයෙකු මිය ගියා. අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරව සිදුව තිබෙනවා.

සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුරින් මියගියේ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණයෙක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site