Home News Breaking ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රී ලැයිස්තුවක් නැහැ

ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රී ලැයිස්තුවක් නැහැ

204 views

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලූ අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

මෙහිදී කතානායකවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පළවූ වාර්තා අසත්‍ය බව පොලීසිය දැනුම්දී ඇති බවයි.

ඊට අමතරව මෙම සිද්ධිවලට අදාළ ලිපි ලේඛන සියල්ල තමා වෙත ලබාදෙන ලෙස ජනාධීපති ලේකම්වරයා වෙත දැනුම්දී ඇති අතර, ඔහු දිවයිනට පැමිණි විගස පොලිස්පතිවරයාගේද සහයෙන් එම ලිපිලේඛන පාර්ලිමේන්තුවට ලැබෙනු ඇති බවයි කථානායක කරූ ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ලවන චෝදනා පිළිබඳ පැහැදිළි කිරීමක් කරමින් කථානායකවරයා මේ බව කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site