Home News Breaking ඇලෝසියස්ට අයිති මෙන්ඩිස් සමාගමට මඩකලපුවේ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලැබුනේ කෙසේද?

ඇලෝසියස්ට අයිති මෙන්ඩිස් සමාගමට මඩකලපුවේ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලැබුනේ කෙසේද?

SHARE

රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන කාර්ය සාධක බලකාය මුදල් අමාත්‍යංශයෙන් විමසා ඇතැයි වාර්තා වනවා.

මත්‍ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ.

කල්කුඩාහී ඉදිකෙරෙන මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට අවසර දී ඇත්තේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් බවයි වාර්තා වන්නේ.

එබැවින් ඊට අනුමැතිය ලබාගත් අකාරය පැහැදිලි කරන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකාය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා තිබෙනවා.

ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගමට මෙම නිෂ්පාදනාගාරය ඉදිකිරීමට අවසර ලැබුණේ කෙසේද යන්න වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ සමන්ත කුමාර කිතලාවආරච්චි මුදල් අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංගට දැනුම් දී ඇති බව සඳහන්.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයිති එකක්.

අර්ජුන් ඇලෝසියස් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණා වනවා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මහේන්ද්‍රන්ට අදාළව පරීක්ෂණයක් මේ වන විට කෙරෙමින් ද පවතිනවා.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සුරාබදු දෙපාර්තමේන්තුව අදාළ ආයතනයට පසුගිය වසරේදී ධාන්‍ය මත පදනම් වූ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලබා දී තිබෙනවා.

“දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදනාගාරයක් අලුතෙන් ඉදිකිරීම සඳහා කිසිසේත්ම නව බලපත්‍ර ලබා දිය නොහැක” යැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියේ සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site