Home News Breaking ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පැවැත්වූ මන්ත්‍රීවරුන් ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක්

ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පැවැත්වූ මන්ත්‍රීවරුන් ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක්

220 views

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පැවැත්වූ මන්ත්‍රීවරුන් පිළිබඳව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

කථානායක කරූ ජයසූරිය විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අර්ජුන් ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ලබාගෙන ඇති බවට මේ දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වනවා.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කළ යුතු බව දේශපාලන පක්ෂ සාමාජිකයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් සඳහන් කළේ.

පවතින තත්ත්වය හමුවේ කථානායක කරූ ජයසූරිය අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පැවැත්වූ මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් තමාට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බව වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඇතැම් පිරිස් පවසන ආකාරයට අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් බැඳුම්කර කොමිසම් සභා වාර්තාවේ නොමැති බව සඳහන්.

එහෙත් සී 350 නමැති වාර්තාවක් බැඳුම්කර කොමිසම් සභා වාර්තාවෙන් ඉවත් කර ඇති බව ද වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site