Home News Breaking ඇවන්ගාඩ් නැව් කපිතාන්ව අධිකරණයෙන් රෝහලට

ඇවන්ගාඩ් නැව් කපිතාන්ව අධිකරණයෙන් රෝහලට

SHARE

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් පෙත්සමක් ගොනු කළ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික නැව් කපිතාන් ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී රෝගාතුරවීම නිසා රෝහල් ගත කිරීමට උපරිමාධිකරණ ආරක්ෂක අංශ නිලධාරිවරු පියවර ගත්තා.

මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ යුක්රේන ජාතික නැව් කපිතාන්වරයෙකු වන ගෙනඩි ගැබ්රියල් නැමැත්තායි.

ඔහු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ප‍්‍රධාන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට ගනු ලැබුවා.

එම නඩුව ලබන මාර්තු 12 වැනි දාට කල් තබමින් අවසන් කිරීමෙන් පසුව පෙත්සම්කාර යුක්රේන ජාතික කපිතාන්වරයා පිටතට පැමිණෙද්දීම මෙලෙස රෝගාතුර වී ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site