Home News Breaking ඉදිරියේදී තෙල්, මිල සූත්‍රයකට වැඩිවෙන ලකුණු

ඉදිරියේදී තෙල්, මිල සූත්‍රයකට වැඩිවෙන ලකුණු

909 views

ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ගණන් මේ වන විට ඉහළ යාමට පටන්ගෙන ඇති නිසා පාරිභෝගික ජනතාවට වාසි සලසා දීමේ අරමුණින් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය මේ වන විට කටයුතු කරමින් සිටින බව සදහන්.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ පහළ යන විට මෙරට ද ඉන්ධන මිල ගණන් ඉහළ පහළ යාමට හැකිවන සේ මෙම මිල සූත්‍රය සති දෙකක් ඇතුළත සකස්කොට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකිරීමට සුදානම් බවත් අනුමැතිය ලැබුණු පසු එය ඇමැති මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු කරීමට නියමිතයි.

වසර 2015 ජනවාරි 08 වන දා බලයට පත් රජය දින සියයේ වැඩපිළිවෙළ යටතේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා පැට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු ලෙස අඩු කරනු ලැබුවා.එසේ සිදුකිරීමට එවකට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම හේතු විය. නමුත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා තවදුරටත් අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුකළ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම නිසා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යන විට දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ නැංවීමටත්, ලෝක වෙළෙඳපොළේ මිල පහළ යන විට දේශීය වෙළෙඳපොළේ මිල පහළ දැමීමටත් හැකිවන පරිදි මෙම මිල සූත්‍රය හඳුන්වා දීමට නියමිතයි.

ගෘහස්ථ ගෑස් මිල ගණන් ද ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ පහළ යන විට දේශීය වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ පහළ යාමට හැකිවන පරිදි ගළපා ගැනීමට ඉදිරියේදී ඒ සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවරගත යුතුව මහා භාණ්ඩාගාරය පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site