Home News Politics ” ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් ” – ...

” ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් ” – රාජිත සේනාරත්න

678 views

ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මෙය කැබිනට් සංශෝධනයක් නොවන බවත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඊයේ (11) පැවැත් වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නව කැබිනට් මණ්ඩලයක් ලෙස මෙය පත් කරනු ලැබූවද බොහෝ අමාත්‍යාංශ වෙනස් නොවන බවත්, එහෙත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.

කැබිනට් මණ්ඩලයෙන් කිහිප දෙනෙකු ඉවත් විමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසූ බවත් ඔවුන් ඉවත් වූ පසු නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කළ කිසිවෙකුටත් අමාත්‍ය මණ්ඩලයේ රැඳි සිටිය නොහැකි බව තම ස්ථාවරය වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය ලබා දෙන බව පවසා ඇති බවත් ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය පත් කරන බව ද රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site