Home News Sports ඉන්දීය පිතිකරුවෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව අසරණ කරයි

ඉන්දීය පිතිකරුවෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව අසරණ කරයි

SHARE

සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 304 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ළහිරු කුමාර දවා ගැනීමට ජඩේජා සමත් වූයේ මොහොමඩ් ෂාමි අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

දෙවැනි ඉනිමේදීද නොදැවුණු ක්‍රීඩකයා වූ දිල්රුවන් පෙර්රා ලකුණු 21 ක් රැස් කරගෙන සිටියා.

කෙසේ නමුත් ඊයේ (28) ඇගිල්ලේ ආබාධයකට ලක් වූ රංගන හේරත් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවට පහර දීමට නොපැමිණී අතර අසේළ ගුණරත්නගේ ඇගිල්ලේ ආබාධයද හේතුවෙන් තවත් කඩුළු 2 ක් අතැතිව තිබියදීම සිය ඉනිම අවසන් කිරීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් රවීන්ද්‍ර ජඩේජා හා අෂ්වින් කඩුළු 3 බැගින් දවා ගනු ලැබුවා.

තරගයේ වීරයා සම්මානය ශිකර් ධවාන් විසින් හිමි කර ගත්තා.

මේ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ඉන්දියාව ඉදිරියෙන් පසු වනවා.

මේ අතර පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ඇගිල්ලේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් ගේ ඇගිල්ලෙහි ආබාධය බරපතල නොවන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය පැවසුවේ ඔහුගේ ඇගිල්ල ඉදිමීමකට ලක් වී ඇති මුත් අස්ථිබිඳීමක් සිදුවී නොමැති බවයි.

අසේල ගුණරත්නද මෙම තරඟයේදී ඇඟිල්ලේ අබාධයකට ලක්වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site