Home News Breaking ඉල්ලීම් කලත් භාණ්ඩ වල මිල ඉහළ දමන්නේ නැහැ

ඉල්ලීම් කලත් භාණ්ඩ වල මිල ඉහළ දමන්නේ නැහැ

909 views

තම නිෂ්පාදන භාණ්ඩවල මිල ඉහළ දමන ලෙස විවිධ සමාගම් ඉල්ලීම් කළද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊට ඉඩ දෙන්නේ නැති බව එහි සභාපති හසිත තිලකරත්න පවසනවා.

වසරකට කිහිප වරක්ම තම නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ දමන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. එවැනි අවස්ථාවල මිල වැඩි කිරීමට අවසර ලබා දෙනු ලබන්නේ පුළුල් පරීක්ෂණයකින් අනතුරුව බවද හසිත තිලකරත්න ප්‍රකාශ කළා.

විශේෂයෙන් ජීවන වියදම් අනුකාරක සභාවට එම යෝජනා ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයේ ද අනුමැතියකින් පමණක් අදාල භාණ්ඩවල මිල ඉහළ දැමීමක් සිදුකළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේ නොමැතිව කිසිඳු සමාගමකට හිතුමතේ තම භාණ්ඩවල මිල ඉහළ දැමීමට නොහැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා අවධාරණය කරනවා.

එසේ මිල වැඩිකර ඇතිනම් ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කිරීමේ අවස්ථාව ද පවතිනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site