Home News Breaking ඊෂි කෑෂ් ක්‍රමයට බීම බට තුල දමා හෙරොයින් විකිණු දෙදෙනෙක් කොටුවූ හැටි

ඊෂි කෑෂ් ක්‍රමයට බීම බට තුල දමා හෙරොයින් විකිණු දෙදෙනෙක් කොටුවූ හැටි

SHARE

ඊෂි කෑෂ් ක්‍රමයට බීම බට තුලට හෙරොයින් දමා අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ තරුණයන් දෙදෙනෙකු පොලිස් උපාය දූතයන් යොදවා සිදුකල මෙහෙයුමකදි හෙරොයින් පැකට් හතක් සමග අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (02) උදෑසන සැකපිට අත්අඩංගවට ගෙන තිබෙනවා.

අනුරාධපුර හිදෝගම නෙළුබෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සමග හෙරොයින් පැකට් හත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සූක්ෂම ආකාරයෙන් විවිධ ස්ථානවල හෙරොයින් සගවා අලෙවිකල බව පොලිසිය පැවසුවේ.

ගැණුම්කරුවන් සැකකරුවන්ගේ ජංගම දුරකථනයට මුදල් ඊෂි කෑෂ් කලපසුව ඔවුන් හෙරොයින් සගවා තිබෙන ස්ථානය පවසන බව පොලිසිය සඳහන් කළා.

පොලිස් උපාය දූතයෙකු සැකකරුවෙකුට මුදල් ලබාදී හෙරොයින් පැකට්ටුවක් ලබාගත් බවත් පසුව ඔවුන්ගේ ජාවාරම අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියා සිටියා.

සැකකරුවන් බීම බට කුඩා ප්‍රමාණයට කපා ඒවා තුලට හෙරොයින් පැකට්ටුව ඇතුල්කර විදුලි කණු යට ගස් බෙන අතරේ හා හිස් මත්පැන් බෝතල් තුලට දමා විවිධ ස්ථානවල සගවා තිබන බවත් ගැණුම්කරුවන් ජංගම දුරකථනයට මුදල් බැරකල පසුව හෙරොයින් තිබෙන ස්ථානය පවසන බවත් පොලිසිය අනාවරණය කර ගත් බවයි වාර්තා වන්නේ.

බීම බට තුල හෙරොයින් දමා ස්ථාන හතක රහසිගතව සගවා තිබූ හෙරොයින් පැකට් හතක් පොලිසිය සොයාගෙන තිබූ අතර සැකකරුවන් දෙදෙනාව වැඩිදුර විමර්ශන සදහා හිදෝගම පොලිස්ථානයට බාරදී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site