Home News Breaking උතුරේ සහ දකුණේ අන්තවාදී කණ්ඩායම් දෙකක්

උතුරේ සහ දකුණේ අන්තවාදී කණ්ඩායම් දෙකක්

156 views

උතුරේ ජනතාව අමතමින් ජාතිවාදයට රුකුල් දෙන ප්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරය සම්බන්ධයෙන් උපරිම නීතිමය පියවර ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවට ද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් උතුරේ මෙන්ම දකුණේද සිටින අන්තවාදි පිරිස නැවතත් යුද්ධයක් ආරම්භ කිරිමට උත්සහ දරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දෙන අයෙක්ට බෙදුම්වාදයට කිසිදු ආකාරයකින් සහාය ලබා දෙන්නට නොහැකි බවත් එය බරපතල වරදක් බවත් අමාත්‍යවරයා මෙහිදි පැවසුවා.

යුද්ධයක් ඇතිකරගනිමින් ඒ හරහා දේශපාලන වාසි ලබාගන්නා අන්තවාදි කණ්ඩායම් දෙකක් උතුරේ මෙන්ම දකුණේද සිටින බව ද අමාත්‍යවරයා පවසා ඇත.

මෙවැනි ප්‍රකාශ කිරිම තුලින් එම අන්තවාදි පිරිසට සහයක් ලැබෙන බවත් එම නිසා ජාතිවාදය ඇති කිරිමට උත්සහ දරන්නන් හට නිසි ලෙස දඬුවම් නොදුන්නහොත් නිවැරදිව රට පාලනය කරගත නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site