Home News Breaking උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියෙන්නේ ඩුබායිහිදී සිදු වූ වරදකට – පොලිස්පති කියයි

උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියෙන්නේ ඩුබායිහිදී සිදු වූ වරදකට – පොලිස්පති කියයි

1,480 views

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහිදී සිදු වූ වරදකට ඒ රටේ නීතිය අනුව බව පොලිස්පති පූජිත විජේසුන්දර පවසනවා.

එම රටේ නීතිය අනුව එම රටේ තත්ත්වයන් තුළ එරට බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

උදයංග වීරතුංග සම්බන්ධයෙන් දේශීය වශයෙන් ඇති කාර්යය භාරය ගැන පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය බවද කියා සිටියා.

ඒ සඳහා සාක්ෂි ගොනු කර ගැනීමට මෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීම මෙන්ම සිද්ධීන් වශයෙන් සාක්ෂි ගොනු කර අදාළ පරීක්ෂණ සිදු කිරීමට ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අනෙකුත් ක්‍රියා මාර්ගයන් ගන්නා බවද ඔහු පැවසුවා.

එහිදී මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රටවල් අතර පවතින අවබෝධය අනුව බවත්, ඔහු මෙරටට ගෙන්වා ගැනීම ගැන කටයුතු කළ යුත්තේද ඒ අනුව බවත් ඔහු කියා සිටියා.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිට යම් යම් එකඟතාවයන් ඇති බවත්, ඒ අනුව ඒ මත මේ ඉල්ලීම සිදු කරන බවත් ඔහු පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site