Home News Breaking උපකාරක පන්ති එන්නැයි සිසුන්ට බලපෑම් කළ ගුරුවරුන්ට වැඩ වරදී

උපකාරක පන්ති එන්නැයි සිසුන්ට බලපෑම් කළ ගුරුවරුන්ට වැඩ වරදී

177 views

තමන් විසින් ක්‍රියාත්මක කරන උපකාරක පන්තිවලට පැමිණෙන්නැයි බල කරමින් සිසුන්ට සහ දෙමව්පියන්ට විවිධ බලපෑම් සිදුකරන පාසල් ගුරුවරුන් 31 දෙනෙකු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා.

දිවයිනේ විවිධ පළාත්වලින් මේ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ පැමිණිලිවලින් එම උපකාරක පන්තිවලට සහභාගි නොවන සිසුන්ට එම ගුරුවරුන් විසින් පාසලේදී නොයෙක් ආකාරයේ හිරිහැර සිදුකරන බවද දක්වා තිබෙනවා.

ඇඹිලිපිටිය, හොරණ, කළුතර, හම්බන්තොට, මාතර, කැකිරාව, රත්නපුර සහ කිලිනොච්චිය යන කලාපවල පළාත් සේවයේ නියුතු ගුරුවරුන් 25 දෙනෙකු සහ ජාතික පාසල්වල ගුරුවරුන් 06 දෙනෙකු සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි ලැබී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ පිළිබඳව විමසීම් සිදුකර, අවශ්‍ය විනය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්‍ෂණික දුරකථන අංකය හරහා මෙවැනි සිදුවීම් සම්බන්ධව දෙමව්පියන්ට තවදුරටත් තොරතුරු ලබාදීමටද අවස්ථාව සළසා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site