Home News Breaking උමා ඔයේ ජල කාන්දුවක් – බණ්ඩාරවෙල ගිලා බැසීමේ අවදානමක

උමා ඔයේ ජල කාන්දුවක් – බණ්ඩාරවෙල ගිලා බැසීමේ අවදානමක

SHARE

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගයේ සිදුවන මහා පරිමාණ ජල කාන්දුවක් නිසා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි ඉරිතලා ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

මෙම උමං මාර්ගයේ ඇල්ල- කරදගොල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම ජල කාන්දුව පැයකට ජල ලීටර් ලක්ෂ 36 ක් බැගින් දිනකට ජල ලීටර් 864ක් තරම් වූ විශාල ප්‍රමාණයක් බව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මෙම විනාශය සොයාබැලීම සඳහා කළ නිරීක්ෂණ චාරිකාවකදී ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් හෙළිකළා.

ජල ධාරාව පාලනය කිරිම සඳහා තවත් මාසයක් වත් ගත විය හැකි බව ඉංජිනේරුවන් පෙන්වා දුන්නා.

ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණයෙන් කියා සිටියේ වෙනත් දියුනු රටකින් හෝ තාක්ෂණික උපදෙස් ලබාගෙන කඩිනමින් මේ ජල ප්‍රවාහය නතර කිරීමට පියවර ගත යුතු බවයි.

විනාශයට ලක්වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලිද ප්‍රධාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද ලක්වුණා.

මේ වන විට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි 2600කට පමණ විවිධ ප්‍රමාණයේ හානි සිදුව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site