Home News Breaking එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීවරු රහස් ඡන්දයක් ඉල්ලයි

එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීවරු රහස් ඡන්දයක් ඉල්ලයි

261 views

එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු රහස් ඡන්දයකින් තෝරා ගතයුතු බව පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යෝජනා කර තිබෙනවා.

ඒ අද (25) පෙරවරුවේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදීයි.

මෙම හමුවට පසුපෙළ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ එක්ව සිටි බවයි සඳහන් කළේ.

ප්‍රතිසංවිධානය පිළිබඳ පත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සඳහන් කළා.

එමෙන්ම පක්ෂ ව්‍යවස්ථාවේ වෙනස්කම් වහාම සිදුකළ යුතු බවටද පසුපෙළ මන්ත්‍රීවරුන් යෝජනා කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ප්‍රතිසංවිධානය සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය ද අද (25) පස්වරුවේ අවසන් වරට රැස්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දිනයේද එම මණ්ඩලය රැස්වූ අතර එහිදී තනතුරු සඳහා සිදුකෙරෙන පත්වීම් පිළිබඳව අද අවසන් තීරණයක් ගැනීමට එකඟතාව පළ වුණා.

අද දිනයේ පැමිණෙන අවසාන නිගමනයන් හෙට (26) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site