Home News Breaking එ.ජා.ප මහලේකම් ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වෙයි

එ.ජා.ප මහලේකම් ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වෙයි

892 views

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා මේ වන විට නම් කිහිපයක් යෝජනා වී ඇති බවට වාර්තා වනවා.

දැනට පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරය දරණ, මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය නවීන් දිසානායක සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් යන අයගේ නම් යෝජනා වී ඇති බව සඳහන්.

පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය දැරූ අමාත්‍ය කබීර් හෂීම් එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරය දරන අමාත්‍ය මලික් සමරවික්‍රම ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඉඩ සලසමින් ඔවුන් එලෙස තනතුරුවලින් ඉවත්වීමට තීරණය කර තිබුණා.

පක්ෂයේ ඉහළ තනතුරුවලට නම් නිර්දේශ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද රහස් ඡන්දයෙන් පසුගිය දා පත් කර ගනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site