Home News Breaking ඒකාබද්ධයෙන් නිවේදනයක්

ඒකාබද්ධයෙන් නිවේදනයක්

740 views

සම්මුතිවාදී යැයි කියා ගන්නා ආණ්ඩුවේ බරපතල අසම්මුතිය ජනාධිපතිවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශය තුළින් පැහැදිලි වන බව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පසුගිය දා පැවති, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඡන්ම දින සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශ කිහිපයක් පිළිබදව මෙම නිවේදනයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ජනාධිපතිවරණයට පසු දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මැදමුලන බලා පිටත්ව යාමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් භාවිත කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති බලතල අනුව බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් නායකයා ලෙස පශ්චාත් ආරක්ෂක කටයුතු සලසා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක රථ ප්‍රමාණය පමණක් රැගෙන යාමට කටයුතු කළ යුතු බවත්, ජනාධිපති ආරක්ෂක අංශය සතුව තිබූ අති නවීන ආරක්ෂක රථ සියල්ල රැගෙන යාම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

චෝදනා කරන පරිදි බෝම්බ පරීක්ෂා කිරීමේ අති නවීන යාන්ත්‍රික උපකරණයක් ජනාධිපති කාර්යාලය සතුව කිසි දිනෙක නොතිබූ බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ නමුදු වර්තමාන ආණ්ඩුව තුළ මෝදුවෙමින් පවතින බල අරගලය සහ අප්‍රකාශිත ගැටුම් මෙවැනි සිදුවීම් හරහා කරළියට පැමිණ ඇති බවත්, එය තවදුරටත් මෙරට ජනතාවට රහසක් නොවන බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site