Home C Lifestyle ඔබත් උදේට මේ දේවල් කරනවද?, එහෙනම් ප්‍රවේශමෙන්

ඔබත් උදේට මේ දේවල් කරනවද?, එහෙනම් ප්‍රවේශමෙන්

61,020 views

ඔබත් උදේට මේ දේවල් 8 කරනවද? එහෙනන් පරිස්සමෙන්

පරණ පුරුදු වලින් ඈත් වෙන්න අමාරු නිසා, අපි අපිට හානිකර සමහර දේවල් ගැන වැඩිය හිතන්නෙ නෑ, වගේම හිතන්න වෙලාවකුත් නෑ.

උදේට ඔයා කෝපි එකක් හරි කිරි එක්ක ධාන්‍ය කන්න පුරුදු වෙලා ඉන්නවද? එහෙනන් දවස ආරම්භ කරන්න ඒ දේ සුදුසු වෙන්නෙ නෑ.

ඒක නිසා අපි අද කියන්නේ, උදෑසනට අපි අපිටම හානි කරගන්න කරන දේවල් පිලිබදවයි.

මේ ලිපිය කියවලා ඔයාත් ඔයාගේ වැරදි පුරුදු ඈත් කර ගන්න.

ස්නානය සමඟ දිනයක් ආරම්භ නොකිරීම

අපි හැමදාම ප්‍රශ්න වලට මුහුණ දෙනවනෙ (රැකියා හෝ වෙනත්), ඉතින් ඒ දේවල් වලට අපි අනිවාරෙන්ම උත්තර හොයන්න ඕනෙ.

හාවර්ඩ්වල වෛද්‍යවරයෙකුට අනුව “උදෑසන ස්නානය කිරීම, අපේ එදිනෙදා ප්‍රශ්න වලට උත්තර හොයන්න පහසු වෙනවා”.

එමගින් මොළය ක්‍රියාත්මක වෙලා බාහිර සාධකයන්ගෙන් ඈත් වෙලා අලුත් හා අසාමාන්‍ය අදහස් උත්පාදනය වෙන්න ඉඩ සලසනවා.

ඉතින් ඔයත් අද ඉදන් මේ දේ මගහැර ගන්න එපා.

උණුසුම් වතුර ස්නානය කිරීම

උණුසුම් ජලය ස්නානය කිරීමෙන් සැහැල්ලු බලපෑමක් ඇති වෙන නිසා, ඔයාට වැඩට නෙමෙයි ආයෙ ඇදට යන්නයි හිතෙන්නෙ.

ඒක නිසා උදේට සීතල වතුර නාන එකේ වාසි කිපයක්ම තියනවා.

ඒ තමයි ඔයාට හොද ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා, මොලයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය වෙනවා වගේම ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් හොදට ක්‍රියා කරනවා.

උණුසුම් ජලය වගේ නෙමෙයි සීතල වතුර මගින් අපේ සම වියළි කරන්නෙත් නෑ.

දිග කාලයක් ඔයාගෙ දුරකථනය පරීක්ෂා කිරීම

උදේ නැගිටපු ගමන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ජංගම දුරකථනයෙන් සමාජ මාධය වලට යන්නනෙ.

අපේ එදා දවස තීරනය වෙන්නෙ උදෑසන අපි ගතකරන විදිය අනුවයි.

ඒක නිසා අනිත් අයගෙ ජීවිත වල දේවල් හොයන්න වගේම ඔවුන්ගේ වැඩකට නැති අදහස් කියවන්නත් ඔයාගෙ වටිනා කාලය ගත කරන්න එපා.

ඔයා වෙනුවෙන් ඒ කාලය ගත කරන්න. ඔයාගෙ රාජකාරි ඊ-මේල් පණිවිඩ ආදිය මේ වෙලාවට පරික්ෂා කිරීම මගින් රාජකාරී දවස දිගු කරගන්න පුලුවන්.

ඒ වගේම ඔයාගෙ ප්‍රියතම සංගීතයට සවන් දීමටත්, ඔයා ආදරය කරන අය සමග කාලය ගත කරන්නටත් රසවත් සෞඛ්‍ය සම්පන්න උදය ආහාරයක් පිස ගන්නටත් උදේ කාලය ගත කරන්න.

ඔයාගෙ ඇදුම්මත කාලය නාස්ති කිරීම

ඔයා උදේට පැය ගනනක් නාස්ති කරනවද “මම අදින්නෙ මොකද්ද?” කියලා හිතන්න.

උදේට තියන ව්‍යාකූලත්වයත් එක්ක මේ තත්වය තවත් නරක අතට හැරෙන්න පුලුවන්. සරළ තේරීමයි තියෙන්නෙ, ඔයාගෙ අල්මාරියෙ තියෙන විවිධාකාර ඇදුම් තෝරා ගන්න.

ඇපල් සමාගමේ ස්ටිව් ජොබ්ස් හැමදාම කලිසමයි, කළු ෂර්ට් එකයි අදින්නෙ ඔහුට මුදල් ඉතිරිකර ගැනීමට නොවෙයි, කාලය වටින බව ඔහු දන්න නිසයි.

ඔයා වැඩට අදින ඇදුම් වෙනම තැනක තියා ගන්න. ඔයාට වැඩට අදින්න නියමිත ඇදුමක් තියනවනන් එය කිට්ටුවෙන තියාගන්න.

උදාහරණයක් විදියට ඒ සදහා තියෙන්නෙ කලු පාට හා සුදු පාට කමිසනන් ඒ ප්‍රදේශයේ එවා විතරක් තියා ගන්න.

ඒ වගේම ඔයාට අවශ්‍ය නැති ඇදුම් ඉවත් කරන්නත් මතක තියා ගන්න.

ධාන්‍ය ආහාරයට ගැනීම

සාමාන්‍යයෙන් සීරියල් ග්‍රරෑම් 50ක් තුල තේ හැදි 4ක් පමන සීනි අඩංගු වෙනවා. උදෑසන සීනි ගොඩක් ගැනීම නිසා ඉන්සියුලින් රුධිරයට කාන්දු වෙන බැවින් ඔබ ඉකමනින්ම වෙහෙසට පත් වෙන්න පුලුවන්. කිරි, යෝගට් හා නැවුම් පලතුරු සීරියල් සමග මිශ්‍රකර ආහාරයට ගැනීම සෞඛ්‍යට අහිතක වන බැවින් ඒවායින් ඈත්ව සිටීම හොදයි.

ප්‍රසිද්ධ ආහාරවේදියකු වන චෙල්සි අමර් පවසා තියෙනවා උදෑසනට සීරියල් පිගානක් ආහාරයට ගැනීමට වඩා පිසා පෙත්තක් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නයි කියලා.

පිසා වල ප්‍රෝටීන, මේද හා කාබෝහයිඩ්‍රේට අඩංගු වෙන සමතුලිත ආහාරයක් වෙනවා.

නමුත් මතක තබා ගත යුතුයි එක පෙත්තකට වඩා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නෑ.

එමෙන්ම පීසාම පමනක් නොවෙයි, බිත්තර, චීස් හෝ මේදය ගොඩක් අඩංගු නොවන මස් ආහරයට ගන්නත් පුලුවන්.

ආහාර ගැනීමෙන් පසු දත් මැදීම

ආහාර ගැනීමෙන් පසුව ඔබේ, දත්වල එනමලය අවදානමට ලක් වෙනවා.

විශේෂයෙන් ඔබ පලතුරු, දෙහි වර්ග හෝ සෝඩා පානය කලහොත්, ඒවායේ සිට්‍රික් ඇසිඩ් හා ෆොස්ෆරික් අම්ලය අඩංගු වෙනවා.

ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔයාගෙ කට පිරිසිදු වතුරෙන් සෝදා, දත්වල ඇති ආහාර කැබලි ඉවත් කරන්න.

කෑමට පසු මිනිත්තු 30කට පමන පසු දත් මදින්න උත්සාහ කරන්න.

කළු කෝපි පානය කිරීම

ඔබ අවදි වූ විටම කළු කෝපි පානය කිරීමෙන් කොර්ටිසොල් මට්ටම ඉහල යන නිසා උද්වේගයක් ඇති වෙන්න පුලුවන්.

නමුත් ඔබ කුසගින්නේ සිටින විට කෝපි පානය කිරීමෙන් අම්ලපිත්ත රෝගය ඇතිවෙන්න පුලුවන්.

පර්යේෂණයකින් පෙනී ගොස් තියෙන්නේ ඔබේ පලමු කෝපි කෝප්පය පානය කිරිම සදහා හොදම වෙලාව වන්නේ අවදි වි පැය තුනක් හෝ හතරක් ගිය පසුවයි.

නමුත් ඔබට කෝපි පානය කිරීමට අවශ්‍යම නම් එයට කිරි ටිකක් එකතු කර ගත හැකියි.

එසේ කිරීමෙන් ඔබේ බඩට වන බලපෑම අඩු වෙන්නට පුලුවන්.

අවදිවූ ගමන්ම ඇද සැකසීම

ඔයා නැගිටපු ගමන්ම ඇද සකස් කරන්න පුරුදු වෙලා තියනවද? එහෙනන් ඔයා දූවිලි හා මයිටාවන්ට හොද පරිසරයක් හදලා තියනවා.

මොකද අපි නින්දට ගියාම අපේ ඇගෙන් තෙතමනය පිටවෙනවා නැගිටපු වහාම එය සකස් කලොත් ඒවා වාශ්ප වීමට කාලයක් ලැබෙන්නෙ නෑ.

එමනිසා විද්යාඥයන් පවසා තිබෙනේ එවා වියලීමෙන් පසුව නැවත දැමිය යුතු බවයි.

එකපාරටම ඔයාට ඔයාගෙ නරක පුරුදු අතහරින්න බැරි වෙන්න පුලුවන්.

ඒ වුනාට පොඩි දෙයකින් පටන් ගන්න.

ඔයාට පුලුවන් වෙයි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site