Home C Lifestyle ඔබේ නියපොතු ලස්සනට හා නිරෝගීව තබා ගන්නේ මෙහෙමයි

ඔබේ නියපොතු ලස්සනට හා නිරෝගීව තබා ගන්නේ මෙහෙමයි

690 views

කාන්තාවකගේ සුන්දරත්වය සේම නිරෝගී බව පෙන්වන කැඩපතක් ලෙස ඇයගේ නියපෙළ හඳුන්වාදිය හැකියි.

කාර්යබහුලත්වය, සිරුරේ දුරින් පිහිටීම සහ එතරම් අවධානයක් යොමු වේ යැයි නොසිතන නිසා කාන්තාවන්ගෙන් වැඩිදෙනකු මේ නියපෙළට සත්කාර කිරීම අමතකකර දමති.නමුදු කෙනකුගේ මුහුණ සේම හැඩවැඩව තබා ගතයුතු තවත් අංගයකි මේ නිය.

කාන්තාවකගේ සුන්දරත්වය නියමාකාරයෙන් රසවිඳින්නට නම් ඇයගේ දෙපා සිට හිස දක්වා නැරඹිය යුතු යැයි අපේ පැරැණ්නන් අතර කතාවක් පවතී.

එමෙන්ම කාන්තාවක සිය දෑතෙහි, දෙපයෙහි නිය පිරිසුදුව, සුන්දරව පවත්වාගෙන යන්නේ නම් ඇය සිය පවුලට මහත් සේ කැපවන බවද පැවසේ.

ලියකගේ සුන්දරත්වය මනින පංච කල්‍යාණය තුළ නියපෙළ ගැන සඳහනක් නොවූවද කේශ කල්‍යාණය තුළ හිසකෙස් සේම නිය පිළිබඳ ද සොයා බලයි.

මේ නිසා නියපෙළ යනු මුහුණ සේම දිනපතාම සොයාබලා සත්කාර කළයුතු අංගයක් බව අමතක නොකළ යුතුයි.

කෙනකුගේ නිය, ඇය හෝ ඔහුගේ ශරීර සෞඛ්‍ය සහ පෝෂණය සම්බන්ධ බොහොමයක් කරුණු කාරණා කියාදේ.

එනම්,අව පැහැ හෝ කහ පැහැති නිය, පහසුවෙන් කැඩී යන වියළි නිය පෙන්වා දෙන්නේ විටමින් A සහ කැල්සියම් ඌනතාවයයි.

නියමත ඇතිවන සුදු පැහැති සලකුණු (White Spots) එහෙමත් නැතිනම් නියමල් ඇතිවන්නේ යකඩ සහ සින්ක් ඌනතාවයෙනි.

නියමත ඉරිතැලීම් (cracking) කැඩීයාම් දක්නට ලැබෙන්නේ නම් එයින් කියවෙන්නේ ප්‍රෝටීන සහ යකඩ අවශ්‍ය බවයි.

නියපොතුවල හැඩය වෙනස් වී විකෘති වී, අඳුරු පැහැයක් ගනී නම් විටමින් B12 සහ විටමින් B සංකීර්ණය අවශ්‍ය වේ.

රතු හෝ දුඹුරු පැහැ ලප නියපොතු යටින් මතුවීම එනම් තැලීමක් රහිතව දක්නට ලැබේ නම් ෆෝලික් අම්ලය සහ විටමින් C ඌනතාවයක් ලෙස සැලකේ.

පෝෂණය සම්බන්ධ මෙවැනි ගැටලු සේම නියපෙළක ඇති විය හැකි මූලික රෝග කිහිපයකි.

ඒ අතරින් බාහිර දිලීර හෝ බැක්ටීරියා ආසාදනයන් මත ඇතිවන ගැටලු මූලික වේ.

මේ තත්ත්වයට බලපාන ප්‍රධාන කාරණාව නියපෙළෙහි අපිරිසුදුකම බව ඔබ මතක තබාගන්න.

 

දෙපාවල නියපොතු නිවැරැදිව කපමු

නියපොත්ත සෘජු රේඛාවක් ආකාරයට කපන්න (1. රූප සටහන)

වම්පස සහ දකුණුපස කෙළවරවල් පීරක ආධාරයෙන් වක්‍ර කරන්න.

නියපොතු කැපීමේදී සම මට්ටමෙන් මඳක් ඉදිරියට තබා කපන්න. (2 රූප සටහන)

නිරතුරුවම පිරිසිදු නියකපනයක් (nail cutter) පෞද්ගලික භාවිතයට තබාගන්න.

 

දිනපතාම කළ යුතුයි

ඇඟපත සෝදන සෑම අවස්ථාවකදීම මෘදු සබන් ස්වල්පයක් රෙදි කැබැල්ලක හෝ වියළි වැටකොළු සැකිල්ලක ගා නිය පිරිසුදු කරන්න.

නිය දෙපස රැඳුණු කුණු, දූවිලි, මඩ ආදිය ඉවත් කරන්න. තුවාල සිදු නොවන ආකාරයට ඉතා ප්‍රවේශමෙන් මෙය කිරීමට වගබලාගන්න.

නින්දට පෙර අනිවාර්යයෙන්ම දෙපා සෝදා පිරිසුදු කරන්නට අමතක කරන්න එපා.

දින දෙක තුනකට වරක්වත් සීනක්කාරම් සහ කහ මිශ්‍ර කළ මඳ උණුසුම් ජලයේ දෙපා ගිල්වා මිනිත්තු 10 ක්වත් සිටිය යුතුයි.

නිය දෙපස හොඳින් තෙතමාත්තු කරන්න.

නිය ආලේපන ගැල්වීම වරදක් නොවේ.

නිවැරැදි අන්දමින් මූලික ආලේපනය ගල්වා අනෙක් ආලේපන ගල්වන්න.

නිරතුරුවම Asitone අඩංගු nail polish භාවිත කරමින් නිය පිරිසිදු නොකළ යුතුයි. මෙය අවමය සතියකට වරකි.

සතියකට වරක්වත් පාද අභ්‍යංගය හෙවත් තෙල් සාත්තුවක් (oil massage) කරගන්න.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site